DICA Microsoft PowerPoint

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

What is Presentation?

යම් පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු එක්ව ඔවුන්ගේ අදහස්, යම් මතයක් හෝ දැනුම යම් පිරිසකට එකවර ලබාදීමට ගන්නා ප්‍රයත්නයක දී එම කාර්ය පහසු කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් මෙන්ම විවිධ මෙවලම්ද භාවිතා කරනු ලබයි. ඒ අනුව අවශ්‍යතාවයට අනුව විවිධ මෙවලම්ද භාවිතා කරම්න් ප්‍රේක්ෂකයාට නිසි අවබෝධයක් ලබාදීම සඳහා ඉදිරිපත් කරන්නා හෙවත් Presenter යොදාගන්නා ක්‍රමවේදයන් සමස්ථයක් ලෙස Presentation ලෙස හැදින්වේ.

මීට වසර කිහිපයකට පෙර ප්‍රෙක්ෂකයාට තම අදහස් ඒත්තුගැන්වීමේදී බහුලව යදාගන්නා ලද ක්‍රමවේදයන් වූයේ ඊට අදාල වන පරිදි සකස් කරගන්නා ලද Banners, Posters හෝ එකතු කරගන්නා ලද උපකරණ කිහිපයක් සමඟ තම කායික හා මානසික ශ්‍රමයයි. ඒ අනුව Presentation එකක් කිරීමේ දී Presenter හට ප්‍රේක්ෂකයා තෘප්තිමත් කිරීමට හා ඔවුන් අවදානය තමන් වෙත නතුකර ගැනීමේ හැකියාව තිබිය යුතුය. ඒ සඳහා ඔහුට මනා කථන හා නිරූපන කුසලතාවක් තිබියතුවා සේම සුදුසු ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතය ද අත්‍යාවශ්‍ය වේ.

වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ Presentation සඳහා වැදගත් වන්නා වූ මෙවලම් බිහිවීමත් සමඟ එය සම්පූර්ණ පරිගණක ගත ක්‍රියාවලියක් බවට පත්ව ඇත. ඒ නිසාම ඉතා ම කෙටි කාලයක් තුළ ගුණාත්මක අතින් ඉහල Presentation පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාව ලැබී ඇත.

Microsoft PowerPoint

පරිගණක ආශ්‍රයෙන් Presentation එකක් නිර්මාණය කිරීමේ දී Presentation නිර්මාණය සඳහා පහසුකම් සපයන මෘදුකාංගයක් අවශ්‍ය වේ. ඒ සඳහා අප භාවිතා කරනු ලබන්නේ Office Application Package එක තුළ අන්තර් ගත Microsoft PowerPoint Software එකකයි. මීට අමතරව වෙනත් Software බොහමයක් ඇත ඒවා අතර Apple Works, Google Docs, Harvard Graphic, Magic Point, KPresenter වැනි Software Presentation නිර්මාණය සඳහා යොදා ගනී. මෙම සියල්ලගෙන්ම සිදුවන්නේ යම් කිසි මාතෘකාවක් හෝ සිද්ධියක් වටා ගොනුකරගත හැකි කරුණු සමූහයක් වඩාත් ක්‍රමානුකූල හා අනුපිළිවලින් අන්අයට ඉදිරිපත් කිරීමට සහාය වන්නා වූ බහු මධ්‍ය අන්තර්ගත කිරීමට පහසුකම් සලසා දෙමින් වඩාත් අකර්ෂණීය Presentation එකක් පහසුවෙන් සකස් කර ගැනීමට මඟ පෙන්වීමයි.

Show More

About the instructor

Course Curriculum